කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කොප් කමිටුව මගින්, මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ සමයේ එම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු බව එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස් මහතා සමග කෝප් කමිටුවේ සාමාජිකයන් දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට පසුගියදා බැඳුම්කර කොමිසමේදී හෙලි වූ අතර මේ වනවිට එම දුරකථන ඇමතුම් ලබාගත් අදාළ සාමාජිකයන් පිළිබඳ සම්පූර්ණ වාර්තව නිකුත් වී තිබේ.

බැඳුම්කර කොමිසමට සහායවීම සඳහා පත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කරුණු පසුගියදා අනාවරණය කළේ ය.

එම වාර්තාව අනුව කෝප් සභාපති ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක, මන්ත්‍රී බිමල් රත්නායක, මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍ය රවූෆ් හකීම්, අමත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න, මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර, මන්ත්‍රී වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අගලියවන්න, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් බේසිංහ, මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර, මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, මන්ත්‍රී වීරකුමාර දිසානායක, මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, මන්ත්‍රී අබ්දුල්ල මහාරූෆ්, මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, මන්ත්‍රී වේලු කුමාර, ඥානමුත්තු ශ්‍රී නේෂන් යන මන්ත්‍රීවරුන්ට කිසිඳ දුරකථන ඇමතුමක් ලැබී හෝ ලබාදී නැත.

මෙම වාර්තාව අනුව කෝප් කමිටුවේ පරීක්ෂණ සිදුවූ 2016.05.06 දින සිට 2016.10.28 කාලය අතරතුර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ඇලෝසියස් මහතා එක් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර දයාසිරි ජයසේකර මහතා ඇලෝසියස් මහතාට එක් දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. එමෙන්ම 2015.07.10 සිට 2016.10.25 අතර කාලය තුළ දුරකථන ඇමතුම් 18ක් හුවමාරු වී තිබේ.

අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ඇලෝසියස් මහතාගෙන් දුරකථන ඇමතුම් 36ක් ලැබී ඇති අතර සුජීව සේනසිංහ මහතා ඇලෝසියස් මහතාට දුරකථන ඇමතුම් 26ක් ලබාදී ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර viber කෝල් 07කුත් whats-app කෝල් 08කුත් හුවමාරු කරගෙන ඇත. එමෙන්ම 2015.07.04 දින සිට 2017.03.03 කාලය අතර තුර ඔවුන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් 227ක් හුවමාරු කරගෙන තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතාට ඇලෝසියස් මහතා එක් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර අජිත් පෙරේරා මහතා ඇලෝසියස් මහතාට එක් දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට අර්ජුන් ඇලෝසියස් මහතා විසින් දුකථන ඇමතුම් 13ක් ලබාදී ඇති අතර හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා විසින් අර්ජුන් ඇලෝසියස් මහතා වෙත දුරකථන ඇමතුම් 10ක් ලබාදී ඇත.

එමෙන්ම අර්ජුන් ඇලෝසියස් විසින් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට එක් කෙටි පනිවිඩයක් එවා තිබේ. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර viber කෝල් 42ක් හුවමාරු කරගෙන ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර 2016.07.25 දින සිට 2017.06.20 කාලය තුළ දුරකථන ඇමතුම් 73ක් ලබාදෙන ඇත. එමෙන්ම 2016.07.25 දින සිට 2017.06.19 කාලය තුළ කෙටි පනිවිඩ 09ක් හුවමාරු වී තිබේ.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට අර්ජුන් ඇලෝසයස්ගෙන් දුරකථන ඇමතුම් 13ක් ලැබී ඇති අතර හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා විසින් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් 10ක් ලබාදී ඇත. එමෙන්ම 2015.02.09 දින සිට 2017.06.13 අතර කාලය තුළ ඔවුන් දෙදෙනා අතර දුරථන ඇමතුම් 176ක් හුවමාරු වී තිබේ. 2016.09.10 දින සිට 2017.06.06 කාලය තුළ කෙටි පණිවිඩ 11ක් හුවමාරු කරගෙන ඇත.






No comments:

Post a Comment

Post Bottom Ad