දුමින්ද සමග එකතුවෙන්න බෑ කියා සල්ගාදු පිටියේ ජන ගග එක හඬින් දෙඅත් ඔසවා පැවසූ මොහොත මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

දුමින්ද සමග එකතුවෙන්න බෑ කියා සල්ගාදු පිටියේ ජන ගග එක හඬින් දෙඅත් ඔසවා පැවසූ මොහොත මෙන්න..

එළඹෙන පළාත් පාලන ජන්දය සඳහා ශ්‍රීලනිපය සමග එක්ව තරග වැදිය යුතු බවට විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් ජනතාවගේ අදහස කුමක්දැයි දැන ගත හැකි අපූරු අවස්ථාවක් අනුරාධපුර මහජන රැලියේදී උදා විය.

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා රැලිය අමතමින් සිටිය දී එක්වරම ඔහු ‘දුමින්ද සමග එකතු වෙන්න කැමතිදැයි’ රැස්ව සිටි ජනතාවගෙන් විචාළේය. රැස්ව සිටි ලක්ෂයකට අධික ජනතාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ‘නැතෝ’ යනුවෙන් අනුරාධපුරය ගුගුරුවමින් දෙඅත් ඉහලට ඔසවමින් ප්‍රතිචාර දැක්වීය.

වෛද්‍ය ජයසුමන නැවත වතාවක් එම පැනයම යොමු කළ අතර ජනතාව පෙරටත් වඩා උස් හඩින් පෙර ප්‍රතිචාරයම දැක්වීය. මන්ත්‍රීවරු ලෙස ජනතාවගෙන් ඍජුව එවැනි පැනයක් ඇසීමට නොහැකි වාතාවරණයක් යහපාලන රජය උදා කර තිබෙන නිසා රැළියේදී සැබෑ ජනමතය එලියට ගැනීමට එවැන්නක් විමසීම ගැන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු වෛද්‍ය ජයසුමන මහතාගේ කතාවෙන් පසු ඔහුට සුබ පතනු දක්නට හැකි විය.

වීඩියෝව මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad