පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් චන්දික හතුරුසිංහ පත්කර ගැනීමේ සූදානමක් ඇතැයි මේ දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණද එළැඹෙන 2019 ලෝක කුසලානය තෙක් තමන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරනු ඇති බව හතුරුසිංහ බංග්ලාදේශ මාධ්‍ය හමුවේ පවසා ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වනවිට තමන්ට පැවැරී ඇති රාජකාරිය වන්නේ බංග්ලාදේශ කණ්ඩායම ලොව අනෙක් රටවලට වඩා ඉදිරියෙන්ම තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට බවය. "බංග්ලාදේශ ක්‍රීඩකයන් දිනෙන් දින දියුණුවට පත්වෙන කණ්ඩායමක්. මේ නිසා දැනට සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමේ විශාල චිත්‍රයක් (වුවමනාවක්) අපට තියෙනවා. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තමයි අපේ ප්‍රධානම ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ. ඒ සඳහා දැනටමත් බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉතාමත් ඉහළ තීව්‍රතාවක් ඇතිව පුහුණුවීම් කටයුතු කරනවා.
ඒ වගේම අනෙක් නවක ක්‍රීඩකයනුත් ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් සමඟ පුහුණුවීම් කරන නිසා තමන් තව මොනවද දියුණුකර ගත යුත්තේ කියලා නවක ක්‍රීඩකයන් වටහාගන්නවා" යනුවෙන්ද හතුරුසිංහ පවසා තිබිණි. "අපි මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන කණ්ඩායමක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් තරගයක් ජයගත යුත්තේ කෙසේද යන්න සැලසුම් අපි ළඟ තියෙනවා. ඒ කොහොම වුණත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගැනීම තමයි මේ වනවිට අපේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ" යනුවෙන්ද හතුරුසිංහ පවසා තිබේ.
Sunday, August 6, 2017
හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment