ඇමතිගේ සැර බාලවෙයි - දඹුලු විහාරයේ හිමිවරු සමඟ සාකච්ඡාවට පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

ඇමතිගේ සැර බාලවෙයි - දඹුලු විහාරයේ හිමිවරු සමඟ සාකච්ඡාවට පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය සූදානම්

පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් ඉතා ඉක්මණින් දඹුලු විහාර පාර්ශවයේ හිමිවරුන් සමඟ සාකච්ජා කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. දඹුලු ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ තීන්දුව පිළිබඳව උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් එහිදී සාකච්ජා කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා එම සාකච්ජාව සම්බන්ධීකරණය කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශයේදී රැස්වූ පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර තිබුණේ රංගිරි දඹුලු ලෙන් විහාර සංකීරණය නැවත දැනුම් දෙන තුරු වසා දමා එම විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමටයි.

පසුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ පැවතී මාධ්‍ය හමුවකදී රංගිරි දඹුලු මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමි පැවසුවේ රංගිරි දඹුලු රජ මහ විහාරය තාවකාලිකව වසා දැමීමට පුරා විද්‍යා උපදේශක මණ්ඩලය ගෙන ඇති තීරණය නීති විරෝධී තීරණයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad