වැඩවර්ජනයට සම්බන්ධ වෛද්‍යවරුන්ට ඉන්ධන නෑ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

වැඩවර්ජනයට සම්බන්ධ වෛද්‍යවරුන්ට ඉන්ධන නෑ (VIDEO)

වැඩවර්ජනයට සම්බන්ධ වෛද්‍යවරුන්ට ඉන්ධන නෑ (VIDEO)
අද බොහෝ වැඩවර්ජන ලංකාවේ තියෙන්නේ සයිටම් වෙනුවෙන්. මේ නිසා සාමාන්‍ය ජනතාව අපහසුතාවට ලක්වෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ සමහරවිට අපිට අහන්න ලැබෙනවා. සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් වෛද්‍යවරු ඇතුළු පිරිසක් මේ වනවිට වැඩ වර්ජනයක නිරත වනවා.

මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළා. දීපව්‍යාප්තව පවත්වන මෙම එක්‌දින වර්ජනයට පසුවද තම ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා ලබන අඟහරුවාදා (09දා) දින නියම කරන බවද  ඔහු සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කළා.

මේ අතර එම වැඩවර්ජනයත් සමග සමාජ ජාලවල සැරිසරන වීඩියෝවක දැක්වෙන්නේ වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් නොකරන බවට ඉන්ධන පිරවුම්හලක  දැන්වීමක් එල්ලා ඇති බවයි. එය තරමක් වෙනස් අත්දැකීමක්. වැඩවර්ජනයේ නිරතවන වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් නොකරන  බව එහි සඳහන් වෙනවා.  සමාජ ජාලවල මේ වෙනුවෙන් විවිධ අදහස් මිනිස්සු සඳහන් කරලා තිබුණා. සමහර පුද්ගලයන් පවසන්නේ ඉන්ධන පිරවුම් හලේ අය්තිකරුගේ දියණිය සයිටම්හි අද්‍යාපනය ලබනු ඇති බව ඔවිඋන් දක්වන එක් අදහසක්.

No comments:

Post a Comment

Post Bottom Ad