වෛද්‍ය පාදෙණියට එරෙහිව පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

වෛද්‍ය පාදෙණියට එරෙහිව පෙත්සමක්

වෛද්‍ය පාදෙණියට එරෙහිව පෙත්සමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අභියාචනාධිකරන අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇති බව කියමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා ඊයේ (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන එම සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය කළැයි පෙත්සමෙන් ඔහුට එරෙහිව චෝදනා කර තිබේ.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එම සංගමය ඉකුත් අප්‍රේල් 07 වැනිදා දීපව්‍යාප්තව පැවැත්වූ  සංකේත වැඩවර්ජනයෙන් අනතුරුව එදින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර සභාපතිවරයා අපහාසාත්මක හා නිර්දය අයුරින් විවේචනය කර ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad