ආණ්ඩුව පෙරැළීමේ කුමන්ත්‍රණයක්.. අපි එන්නෑ! - විදුලි,පෞද්ගලික බස් ඇතුළු සංගම් කිහිපයක් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ආණ්ඩුව පෙරැළීමේ කුමන්ත්‍රණයක්.. අපි එන්නෑ! - විදුලි,පෞද්ගලික බස් ඇතුළු සංගම් කිහිපයක් කියයි

හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක් නොවන බව වෘත්තීය සමිති කිහිපයක් අද ප‍්‍රකාශ කළා. ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලු ලේකම් අජිත් දේවප්‍රිය එහිදී ප්‍රකාශ කළේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ එක්තරා පිරිසක් බලයට බත් කිරීම බවත්,මෙය දේශපාලන අරගලයට කොටසක් බවත් තම සංගමය මෙම වර්ජනයට එක් නොවන බවත්ය

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද පවසන්නේ හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක් නොවන බවයි. එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හෙට දිවයින පුරා පෞද්ගලික බස්රථ ක්‍රියාත්මක වන බවයි.මෙය තමන්ට අදාළ ප්‍රශ්ණයක් නොවන බවත්, මෙය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් බවත්ය. හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක්වන්නේ දැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයෙන් ද විමසීමක් කළා.

එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පැවසුවේ මාලඹේ සයිටම් ආයතනයට තමන් ද විරුද්ධ වූවත් හෙට කැදවා ඇති වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි. එහෙත් සයිටම් ආයතනයට එරෙහිව ඉදිරියේදී සිදු කෙරෙන විරෝධතාවලට තමන් සහය දක්වන බව ද ඔහු කියා සිටියා. මේ අතර ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි පැවසුවේ ශ‍්‍රී ලංගම බස් රථ ද හෙට සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි. ශ‍්‍රී ලංගමයේ තවත් වෘත්තීය සමිතියක් වන සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයෙන් ද මේ සම්බන්ධයෙන් විමසා සිටියා. 


එහි ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවසුවේ හෙට කැදවා ඇති වැඩවර්ජනයට තමන් ද එක් නොවන බවයි. එහෙත් සයිටම් ආයතනයට එරෙහිව ඉදිරියේදී සංවිධාන වන විරෝධතාවලට තමන් සහය දක්වන බව ද ඔහු පැවසුවා. ජාතික වෘත්තීය සමිති පෙරමුණ යටතේ වන වෘත්තීය සමිති පනහකට ආසන්න සංඛ්‍යාවක් සහ අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය ද තීරණය කර ඇත්තේ හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක් නොවීමටයි. මෙම වැඩවර්ජනය යහපත් අරමුණකින් නොවන ආණ්ඩුව පෙරලා දැමීමේ අදහසින් කැදවා ඇති බව ඔවුන් ද ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad