නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධූරත් වෙනස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධූරත් වෙනස් වෙයි

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධූරත් වෙනස් වෙයි
ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නව කැබිනට් සංශෝධනයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර එකම දිස්ත්‍රික්කයකට හිමිවීම හා ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින අමනාපකම් ආදී හේතූන් මත මෙම සංශෝධනය සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත්, මුදල් අමාත්‍ය ධූරය දරන මංගල සමරවීර මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් ආදී කරුණු හා වෙනත් කරුණ පදනම් කරගනිමින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad