හඳුන්නෙත්ති එජාප නි.ඇමැතිව අගයමින් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

හඳුන්නෙත්ති එජාප නි.ඇමැතිව අගයමින් කතා කරයි

හඳුන්නෙත්ති එජාප නි.ඇමැතිව අගයමින් කතා කරයි
යුරෝපා ප්ලස් සහනය ලබා ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පුද්ගලිකව මැදිහත් වී කටයුතු කිරීම පිළිබඳ විශේෂයෙන් අගය කළ යුතු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ගිණුම් කාරක සභාවේ සාමාජිකයින් පසුගිය දිනක අධ්‍යයන කටයුත්තක් සඳහා බෙල්ජියමේ යුරෝපා පාර්ලිමේන්තුවේ නිරත වූ බවත් ඒ අතරතුර යුරෝපා පාර්ලිමේන්තුවේ ප්ලස් සහනය නොදෙන ලෙස යෝජනාවක් ගෙන ආ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී එම යෝජනාව පරාජය කිරීමට එම අධ්‍යයන චාරිකාවේ නිරත වූ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පැවසූ මන්ත්‍රීවරයා නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සිදු කිරීමට හැකියාව තිබියදී හර්ෂ ද සිල්වා මහතා එම යෝජනාව පරාජය කිරීමේ කටයුත්ත සිදු කිරීම පිළිබඳ අගය කළ යුතු බවත් කියා සිටියේය.

මෙරට පාර්ලිමේන්තුවේ එවැනි ආදර්ශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය විය හැකි බවත් දේශපාලන වෙනස්කම් තිබුණද රට වෙනුවෙන් කළ කටයුත්ත පිළිබද එතුමාව අගය කළ යුතු බවත් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad