සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟවලින් සමුගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟවලින් සමුගනියි


පළමු පෙළ ක්‍රිකට් තරඟවලින් ඉවත් වීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර පවසා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරඟාවලිය කුමාර් සංගක්කාර සහභාගී වන අවසන් තරගාවලියයි.

ඔහු ඉකුත්දා පළමු පෙළ ක‍්‍රිකට් තරඟවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් විය. එවැනි දස්කමක් දැක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරය. ඔහු ඉකුත් 2015 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව එක් දින ක‍්‍රිකට් දිවියට සමු දුන්නේය. 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමෙන් අනතුරුව සංගක්කාර අන්තර්ජාතික විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියෙන් ද සමු ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad