එජාප සාමාජිකත්වය සුදුසුකම කරගනිමින් එජාප ඇමැති රජයේ රැකියා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

එජාප සාමාජිකත්වය සුදුසුකම කරගනිමින් එජාප ඇමැති රජයේ රැකියා දෙයි

එජාප සාමාජිකත්වය සුදුසුකම කරගනිමින් එජාප ඇමැති රජයේ රැකියා දෙයි
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, එජාප බණ්ඩාරගම ආසන සංවිධායක අජිත් පී. පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට ශ්‍රීලංගමයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් යොමු කළ ලිපියක් මේ වන විට අන්තර්ජාලයට යොමු කර ඇත. එහි දැක්වෙන පරිදි ශ්‍රීලංගම රියදුරු පුහුණුව බර වාහන බලපත්‍රය සමගින් විදුලිබල ක්ෂේත්‍රයේ  රියදුරු රැකියා අවස්ථා 500ක් ලබා දීමේ පුහුණු වැඩසටහන ‘යොවුන් ශක්කි 2017‘ මූළික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇති බවයි.
ඒ අනුව එම පරීක්ෂණයට හා රැකියා ලබා දීමට අදාල ලිපි ලේඛනවලට අමතරව 2017 වර්ෂය සඳහා එජාප සාමාජිකත්වය ලබා ගත් සමාජික පත්‍රය රැගෙන එන ලෙස ඉල්ල් ඇති අතර එම සමාජිකත්වය ලබා නොමැති නම් එදිනට එජාප කාර්යාලයෙන් රුපියල් 20ක් ගෙවා සමාජික පත්‍රය ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය, එජාප බණ්ඩාරගම ආසන සංවිධායක අජිත් පී. පෙරේරා මහතා යොමුකල ලිපියේ දැක්වේ.
මෙලෙස රජයේ නිවැරදි බඳවා ගැනීමේ පටිපාටිය පවා ඉවත දමා එජාප සමාජිකත්වය සුදුසුකමක් කරගමින් එජාප පාක්ෂිකයින්ට රැකියා ලබා දීමට නියෝජ්‍ය ඇමැතිවරයාට හැකියාවක් ඇත්ද යන්න ජනතාව ප්‍රශ්න කරති. යහපාලනය උදාකිරීමට යැයි කියමින් බලයට පැමිණි එජාප ප්‍රමුඛ යහපාලන රජය මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම ඛේදනීය තත්ත්වයකි. 
එම ලිපිය පහතින්,

ඡායාරූප - Ashan Weerasinghe Twitter

No comments:

Post a Comment

Post Bottom Ad