තැපෑල හෝටල් සඳහා විකිණීමේ තැතක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

තැපෑල හෝටල් සඳහා විකිණීමේ තැතක්‌

තැපෑල හෝටල් සඳහා විකිණීමේ තැතක්‌
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල කොටුවේ පිහිටි ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැඟිලි සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයට මුවාවෙලා තැපැල් දෙපාර්තමේන්තුව සතු සම්පත් කුණු කොල්ලයට විකිණීමට රජය ගන්නා උත්සාහය පරාජය කරන බවයි. ගාල්ල කොටුව තුළ පිහිටි තැපැල් කාර්යාලය ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාල පහෙන් එකක්‌ ලෙස ඉතිහාසයට එකතුවී තිබෙන බව ද චින්තක බණ්‌ඩාර මහතා අනාවරණය කළේය.

මෙම ගොඩනැඟිලි සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් ඒ සියලුම සංවර්ධන කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදුකළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා තැපැල් සේවකයන්ගේ හඬට කන් නොදී රජය තැපෑලේ ගොඩනැඟිලි රජයට පවරාගෙන ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට විකිණීමට කටයුතු කළහොත් සියලුම තැපැල් සේවකයන් මහ පාරට බැස වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

මහනුවර, නුවරඑළිය සහ ගාල්ල තැපැල් කාර්යාල සංවර්ධනය කිරීම සඳහා යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇති බවත් තැපෑල සතු ගොඩනැඟිලි විකිණීමට තමන් ද පුද්ගලිකව විරුද්ධ බවත් තැපැල් ඇමැති එච්. එම්. අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad