මිනිසුන් 108ක් මියයන - බිලිඳුන් 258ක් බිහිවන - විවාහ 116ක් සිදුවන අපූරු මිනිත්තුවේ විස්මිත ක්‍රියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මිනිසුන් 108ක් මියයන - බිලිඳුන් 258ක් බිහිවන - විවාහ 116ක් සිදුවන අපූරු මිනිත්තුවේ විස්මිත ක්‍රියා

විනාඩියක් තුළ ලෝකයේ සිදුවන සිදුවීම් ගණනාවක් ගැන asapscience වෙබ් අඩවිය’ අපූරු වීඩියෝවක් එක් කරලා තිබුණා.
මෙවැනි විස්මිත ක්‍රියා රාශියක් සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

1. ඔබේ සිරුරේ රතු රුධිරානු මිලියන 120-180ත් අතර ප්‍රමාණයක් නිපදවෙනවා.


2. මිනිසුන් google search මිලියන 2.4ක් සිදු වෙනවා.


3. කොකා කෝලා නිෂ්පාදන මිලියන 25ක් අලෙවි වෙනවා.


4. කුණු කිලෝ මිලියන 3ක් එකතු වෙනවා.


5. මිනිසුන් 108 දෙනෙක් මිය යනවා.


6. ඔබේ සිරුරේ සෛල මිලියන 96ක් මියයන අතර ස්වයං විභේදනයට ලක්වන සෛල මගින් ඒවායේ තැන ගන්නවා.


7. ලෝකයේ නව විවාහ 116ක් සිදු වෙනවා.


8. 83,300 දෙනෙක් ලිංගික ව එකතු වෙනවා.


9. දරුවන් 258ක් බිහි වෙනවා.


10. අකුණු ගැසිම් 6000ක් සිදු වෙනවා.


11. හිරුගෙන් ටෙරා වොට් 83.33ක ශක්තියක් පොළවට ලැබෙනවා.


12. කිලෝ මීටර 1800ක දුරක් පෘථිවිය ගමන් කරනවා.


13. පැය 300ක වීඩියෝ youtube වෙත අප්ලෝඩ් වෙනවා.


14. ලෝකයට සිදුවන සාමාන්‍ය වර්ෂාපතනය මයික්‍රො මීටර 1.38ක්. ඒ වුනත් ඒ ජල ප්‍රමාණය බාත් ටබ් බිලියන 4.7ක් පිරවිමට තරම් ප්‍රමාණවත්.


එම වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad