මෛත‍්‍රීගේ පොලොන්නරුව සමුපකාරයත් මහින්ද උඩින්ම දිනයි.. මහින්ද 1.. රනිල් 2.. මෛත්‍රී 3.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මෛත‍්‍රීගේ පොලොන්නරුව සමුපකාරයත් මහින්ද උඩින්ම දිනයි.. මහින්ද 1.. රනිල් 2.. මෛත්‍රී 3..

පසුගිය දා පැවති පොලොන්නරුව විවිධ සේවා සමුපකාර සමිතියේ ජය සමිතියේ මහා සභාවට නියෝජිතයින් 41 දෙනෙකු පත්කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙන් ජයග්‍රහණය කොට ඇත.

මෙහිදී නියෝජිතයින් 33 දෙනෙකු පත් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය 2 වෙනි ස්ථානයට පැමිණි තිබේ. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂය 3 වෙනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහා සභාවට නියෝජිතයින් 15 දෙනෙකු පත් කර ගනිමිනි.

ඒ අනුව සි/ස පොලොන්නරුව විවිධ සේවා සමුපකාර සමිතියයේ මහා සභාවට රටේ ප්‍රධාන පක්ෂ 3 න් නියෝජිතයින් 89 දෙනෙකු පත් විය. මෙම සමුපකාර සමිතිය පිහිටි පොලොන්නරුව දිස්ත්‍රික්ය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙන තෙක්ම නියෝජනය කල දිස්ත්‍රික්කයයි.

No comments:

Post a Comment

Post Bottom Ad