අයර්ලන්ත ඩබ්ලින් නුවර පැවැති අයර්ලන්ත තුන්කොන් තරගවලියේ 06 වැනි තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (24දා) සමත්වූයේය. බංග්ලාදේශ ආරාධයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි ලකුණු 270ක් රැස්කිරීමට සමත්විය.
එම ඉලක්කය පන්දුවාර 48.2කදී කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. මෙම ජයත් සමගින් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පසුකරමින් ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයට හැකිවිය. ඒ අනුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය බංග්ලදේශයටත්, 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.
Thursday, May 25, 2017
නවසීලන්ත කඩුළු 05 කින් පරාජය කළ බංග්ලාදේශය ශ්‍රී ලංකාවත් අභිබවයි..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment