කාර්යක්‌ෂමතාව බිඳවැටී ඇති රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තාවක් ලබාදීම සඳහා අවස්‌ථාවක් ලබාදෙන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී. එම සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතාගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ මේ බව සඳහන් වේ.
එම නිවේදනය පහතින්,
රාජ්‍ය ආයතන තුළ කාර්යක්‌ෂමතාව බිඳවැටී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඔබතුමා වෙත භාරදීමට සැළසුම් කර ඇත. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාව, කාර්යක්‌ෂමතාව පිරිහී බිඳවැටී අනවශ්‍ය ලෙස මුදල් නාස්‌ති කිරීම, රාජ්‍ය සේවයේ සේවය කළ යුතු කාලය හාස්‌ති කිරීම ජනතාවගේ හඬට කන් නොදීම, විසඳිය යුතු ගැටළු, ප්‍රශ්න එකිනෙකා මත පටවමින් මඟහැරීම තුළින් දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බැවින් රාජ්‍ය ආයතන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සම්බන්ධ රාජ්‍ය ආයතන තුළ රාජ්‍ය සේවාවේ බිඳවැටීම සම්බන්ධ පූර්ණ වාර්තාවක් තම සම්මේලනය විසින් සකස් කර ඇති බවත්, එම වාර්තාව අනුව 74% ක් පමණ රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ. දෙපාර්තමේන්තු. පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන තුළ කාර්යක්‌ෂමතාවයේ බරපතල දුර්වලතා මතුව ඇති බවත් 21% කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් පරිදි සුළු වශයෙන් සෑහීමකට පත්විය හැකි බවත් 5% ක් පමණ සැලකිය යුතු මට්‌ටමක පවතින බවත්, තම සම්මේලන විසින් කරන ලද සමීක්‍ෂණයකදී හෙළිවී ඇත.
මහජනතාව සමඟ සෘජුව කටයුතු කරන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතනවලද යම් බරපතළ ගැටළු මතුව ඇත. ලාභ නොලබන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු තුළද අකාර්යක්‌ෂමතාව පිරිහී ඇති තත්ත්වයක් අවධානයට ලක්‌ව ඇත.
සාමාන්‍ය පුරවැසියන්ගෙන් 20 කට එක් පුරවැසියකු රාජ්‍ය සේවයේ නිරත වන බැවින් ජනතා අභිලාශයන් ඉටුවීමේ ගැටළු සම්බන්ධව ප්‍රශ්නාර්ථයකි. එබැවින් රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යqහගතකරණය කර සියලු බඳවා ගැනීම් තරගවිභාග මත පමණක් සිදු කර රාජ්‍ය සේවයේ ස්‌වාධීනත්වයෙන් නඟාසිටුවීමට අවශ්‍ය යෝජනා ඇතුළත් වාර්තාවක් ඔබතුමා වෙත භාරදී සාකච්ඡා කිරීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටිමු.

No comments:
Post a Comment