කැකිරාවේ බස් චණ්ඩි වට වෙලා රියදුරෙකුට පහර දුන් හැටි බස් රථයේ කැමරාවේ පටිගතවෙයි - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

කැකිරාවේ බස් චණ්ඩි වට වෙලා රියදුරෙකුට පහර දුන් හැටි බස් රථයේ කැමරාවේ පටිගතවෙයි - VIDEO

අනුරාධපුර සිට කොළබ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රියදුරුට කැකිරාව බස් නැවතුම් පළේදී පුද්ගලයන් කීප දෙනකු එක්ව පහර දී වාහනයට ද හානි කරන සිද්ධියක් කැකිරාව පොලිසියෙන් 01 දින වාර්තා විය .එමෙන්ම ඒ සියලු දර්ශන බස් රථයේ සවිකර තිබු සි සි ටි වී කැමරාවේ සටහන් වී තිබිණි .

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රභාත් මලින්ද නමැති රියදුරා බව පොලිසිය කියයි .රියදුරා පවසනුයේ උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්රවාහන අධිකාරියේ සේවය කරන කැකිරාව බස් නැවතුම්පලේ වෙලා සටහන්කරු අනුරාධපුරයෙන් බසයට ගොඩවී ඇත .කොන්දොස්තර මහතා හෝ රියදුරු මහතා මේ නව නිලධාරියා හදුනන්නේ නැත.

කොන්දොස්තර මහතා රු 105ක් ටිකට් පතක් ලබා දුන් විට ඒ මහතා හැදුනුම් පතක් පෙන්වා තමන්ට නොමිලේ ගමන් කිරීමට ඉල්ලා ඇත .පසුව බස් රථයේ රියදුරු අසුන ලගට කැදවා පරුෂ වචනයෙන් බැනවදි දේශපාලන බලය පෙන්වා ඇත .පසුව ඒ පුද්ගලයා ප්රවේශ පත්රයක් ලබාගෙන කැකිරාව දක්වා බස් රථයේ පැමිණබවයි .

කකිරවේදී තවත් මැර කණ්ඩායමක් සමග පැමිණි බස් රථයේ පැමිණි පුද්ගලයා රියදුරු අසුනට පැමිණ පහර දී නැවත බස් රථයෙන් බැස මන්නා පිහියකින් බස් රථයට කොටා රියදුරා එලියට රැගෙන පහර පිට පහර දෙන දර්ශන මෙහි පටිගත වී ඇත .

පහරදුන් බවට් සැකපිට පුද්ගලයන් දෙන්නකු කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .මේ පිළිබධව උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අදිකාරියේ සභාපති උපාලි සමරජීව මහතාගෙන් විමසීමේදී තමන් මේ ගැන නොදන්නා බවද තමන් මේ පිලිබදව පරීක්ෂණයක් පවත්වන බවය .


No comments:

Post a Comment

Post Bottom Ad