වනජීවියේ අධ්‍යක්‍ෂවරයකු මුදල් අවභාවිතයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

වනජීවියේ අධ්‍යක්‍ෂවරයකු මුදල් අවභාවිතයක

වනජීවියේ අධ්‍යක්‍ෂවරයකු මුදල් අවභාවිතයක
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු වනජීවී පනත උල්ලංඝනය කර එම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් සිටින බව වනජීවී වෘත්තීය සංගම් පවසයි.

වනජීවී පනතට අනුව අධ්‍යක්‍ෂවරයකුට දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියක් සොයා බැලීමේ අවසරය ඇතත් ඒ සඳහා ඔහුට මුදලක් ලබාගත නොහැකි බව එම වෘත්තීය සංගම් අවධාරණය කළේය. වසර 2015 සැප්තැම්බර් මාසයේ සිට එම තනතුරෙහි රැඳී සිටින මෙම අධ්‍යක්‍ෂවරයා නිතිපතා සිය පෞද්ගලික වාහනයට සීමාවකින් තොරව ඉන්ධන සඳහා මුදල් ලබා ගන්නා බව වනජීවී වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

ඊට අමතරව ඔහුගේ ජංගම දුරකතන කිහිපයක බිල්පත් ගෙවීම සහ වෙනත් වියදම් සඳහා ද මාස්පතා මුදල් ලබා ගෙන ඇතැයි එම වෘත්තීය සංගම් වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad