වලත්ත යහපාලනය රටම ගිලගෙන … ලා බාල සිසුවියක් අඹු කමට ගෙන මොරටුව විශ්ව විද්‍යාලය ගිල ගන්නා පීඨාධිපති මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

වලත්ත යහපාලනය රටම ගිලගෙන … ලා බාල සිසුවියක් අඹු කමට ගෙන මොරටුව විශ්ව විද්‍යාලය ගිල ගන්නා පීඨාධිපති මෙන්න

තමා යටතේ අධ්‍යාපනය ලබන ලා බාල සිසුවියක් අඹු කමට ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය “වියපත් බඹරෙකු” විසින් විනාශ කරමින් සිටින බවත් ඔහුට පීඨාධිපතිගේ සහ උප කුලපතිවරයාගේ සහාය ලැබෙන බවත් දන්වමින් එම පීඨයත් තම සිසු දරුවන්ගේ අනාගතයත් බේරා ගැනීමට මැදිහත්වන්නැයි දෙමාපියන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

ගරු ජනාධිපතිතුමා වෙත,

වසර පනහකට ආසන්න අනාදිමත් කලක සිට විශ්ව කීර්තියට පත් වාස්තු විද්‍යඥයින් රාශියක් බිහි කරමින් ලොව පුරා සිය නාමය මහත් අභිමානයෙන් රැන්දු මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැළසුම් (Integrated Design) අංශය එහි වර්ථමාන අංශාධිපති වරයාගේ නොමනා ක්‍රියාවන් හේතුකොට ගෙන මේ වන විට ඉතාමත් දැඩි පිරිහීමකට සහ විනාශ මුඛයට පත් වෙමින් තිබීම පිලිබඳව එම පීඨයේ අවසන් වසර සිසු සිසුවියන්ගේ සහ අනිකුත් වසරන් හි සිසු සිසුවියන්ගේ දෙමාපියන් වන අප දැඩි කණගාටුවෙන් යුතුව මෙන්ම වගකීමකින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කරමු.

අප බොහෝ දෙනෙකු මාසික පඩියෙන් සහ ගොවිතැනින් ජීවිකාව කරගෙන යමින් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ අපගේ දරු දැරියන්ගේ උසස් අධ්‍යපනය සඳහා කැප වී සිටිව දෙමාපියන් වෙමු.

මෙම පීඨයේ වර්ථමාන අංශාධිපතිවරයා කරනු ලබන අකටයුතුකම් සහ නොපනත්කම් රාශියක් හේතුකොට ගෙන මෙම දිනවල පැවැත්වෙන අවසාන විභාගය සඳහා පෙනී සිටින අපගේ දරු දැරියන් ඉමහත් ව්‍යකූලතාවයකට සහ අපේක්ෂා භංගත්වයකට පත්ව නිසි පරිදි සිය අවසාන විභාගය සඳහා පෙනී සිටීමට නොහැකිව අසරන වී සිටී.

අංශාධිපති xxxxxxxxxx ගේ නොපනත්කම් මෙසේය.

1. මෙම පීඨයේ අංශාධිපති වරයා වන xxxxxxxxx මුහුකුරා ගිය වයසකින් යුතු අයෙක් වන නමුත් වයස අවුරුදු 24 ක් පමණ වන අවසාන වසරේ සිසුවියක් සමග අයථා සම්බන්ධයක් පැවැත්වීය. පසුව ඒ සිසුවිය විවාහ කර ගනිමින් ඇය සමග ජීවත් වීමට පටන් ගත්තේය. මෙය සියලුම විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ආචාර පද්ධතීන් සියල්ලම ඉතාමත් දැඩි ලෙස උල්ලංඝණය කිරීමකි. ඉන් පසුව මෙම පීඨයේ ඉගෙනුම ලබන දක්ෂ සිසු සිසුවියන් සියල්ලන්ටම නොයෙකුත් බලපෑම් සිදු කරමින් අදක්ෂ ශිෂ්‍යවක් වන ඔහුගේ නවතම බිරිඳ කෙරෙහි වැඩි අධ්‍යාපන වරප්‍රසාද ලබා දෙමින් අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට දැඩි අසාධාරනයක් කරමින් සිටී.

2. අංශාධිපතිවරයා මෙම තනතුර දැරීමට සුදුසු පුද්ගලයෙකු ද නොවේ. විශ්ව විද්‍යාල ආචාර්ය පදවියක් දැරීමට සහ පීඨයක අංශාධිපති වරයා වශයෙන් සේවය කිරීම සඳහා ප්‍රධානතම සුදුසු කමක් වන්නේ තම මූලික උපාධිය පළමු පන්තියේ ගෞරව උපාධියක් සහිතව සමත් වීම සහ පශ්චාත් ආචාර්ය උපාධියක් තිබීම නමුත් මෙම පුද්ගලයා සාමාන්‍ය උපාධියක් පමණක් තිබෙන, දේශපාලන බලපෑම් මත මෙම තනතුර දරන පුද්ගලයෙකු බව සනාථ වී තිබේ.

3. අංශාධිපතිවරයා සිය විශ්ව විද්‍යාල අධ්‍යාපන කාල සීමාව තුලදී පවත්වනු ලැබු සියලුම විභාග වලදී නියමිත විෂයන් සියල්ල කිසිදු අවස්ථාවදී එකවර සමත් නොවූ පුුද්ගලයෙකු බවද සනාථ වී තිබේ.

4. සෑම වසරකම අවසානයේ පැවැත්වෙන අවසාන විභාගය සඳහා අංශාධිපති වරයා විසින් විභාග පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුය. එම විභාග පරීක්ෂණ මණ්ඩල නාම ලේඛනය අංශාධිපති වරයා විසින් විශ්ව විද්‍යාල සනාතන සභාවේ අනුමැතිය සඳහා සිය අත්සන යටතේ යටතේ ඉදිරිපත් කළ යුතු වුවද, මෙම වසර සඳහා පැවැත්වෙන අවසාන වාර විභාගය සඳහා වන පරීක්ෂන මණ්ඩලයට අනුමැතිය සඳහා වන නාම ලේඛනය ඔහුගේ අත්සනින් ඉදිරිපත් නොකර, එම පීඨයේ සේවය කරනු ලබන වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුගේ අත්සනින් තමා “වෙනුවට” වශයෙන් සඳහන් කරමින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත. ඊට හේතු වූයේ ඉහත සඳහන් කරන ලද ඔහුගේ සිසු බිරිඳ අවසාන වසරේ සිසුවියක් ලෙස විභාගය සඳහා ඉදිරිපත් වන බැවිනි.

5. ඉහත සඳහන් කරන ලද විභාග පරීක්ෂණ මණ්ඩල නාම ලේඛනය සනාතන සභාව වෙත ඉදිරිපත් කරන ලද දිනයේදි තම නාම ලේඛනයට සහ ඔහුගේ ‘සිසු බිරිඳ‘ පිලිබඳව එම පීඨයේ කාර්ය මණඩලය විසින් විරෝධතාවයන් ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා ඔහු විසින් එදින කාර්ය මණඩලය අත්‍යවශ්‍ය නොවනු ලබන වැඩ මුලුවක් සඳහා යොමු කරන ලදී.

6. අංශාධිපතිවරයා විසින් ඔහුට වඩා උගත් කමින් සහ හැකියාවන්ගෙන් පිරි වෙනත් කිසිදු ආචාර්යවරයෙකුට හෝ ආචාර්යවරියකට (විශේෂයෙන්ම ආචාර්යවරියන්ට) එම පීඨය තුල නිසි පරිදි සිය රාජකාරින් කර ගෙන යෑමට ඉඩ නොදෙමින් දැඩි ලෙස පිඩාවන්ට ලක් කරයි.

7. මෙයට ටික කලකට පෙර මෙම පීඨයේ සේවය කළ දක්ෂ කථිකාචාර්යවරියකට මෙම පුද්ගලයා විසින් සිදු කරක ලද අකටයුතුකම් සහ නොමනා ක්‍රියාවන් හේතුකොටගෙන එම ඇය සේවයෙන් ඉවත්ව ගියා ය.

8. ඉහත සඳහන් කරන ලද “සිසු බිරිඳ” නිසි පරිදි දේශන වලට සහ අනිකුත් අදාල අධ්‍යාපන කටයුතු සඳහා සහභාගි නොවන නමුත් ඇය මෙවර අවසාන විභාගයෙන් ගෞරව උපාධියකින් සමත් කර ගැණීම සඳහා අංශාධිපතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් කරමින් කටයුතු කරමින් සිටිති. මෙය බරපතල විෂමාචාරයක් වන්නේ ය.

9. මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැළසුම් අංශයේ (Integrated Design) වර්ථමාන අංශාධිපති වරයා විසින් මේ සියළු නොපනත් කම් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වර්තමාන පීඨාධිපති සහ උපකුලපති වරයාගේ අනු දැනුම සහ සහයෝගය මත බවද සහතික වශයෙන් සඳහන් කළ හැකිය.

ජනාධිපති තුමනි, කරුණාකර මෙයට මැදිහත් වී අපගේ දරුවන්ට සාධාරණය ඉටු කරන්නැයිද අපගේ දරුවන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ නොදෙන්නැයිද මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැලසුම් අංශයේ මෙවර අවසන් විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ දෙමාපියන් වන අපි ඔබතුමාගෙන් ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.


(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad