අතුරුදන්වු තැනැත්තන් පිළිබද කාර්යාලය සම්බන්ධයෙන් වු පනත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නීත්‍යානුකූලව සම්මතවු පනතක් බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය දැනුවත් කිරිමේ සාකච්ඡාවේදීය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම කාර්යාලය සදහා දේශීයව හෝ ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලබා ගත යුතු බවද පැවසීය.
අතුරුදන්වුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදි යම් ආයතනයකට හෝ ස්ථානයකට ඇතුල්වීමේදී උසාවි නියෝගයක් අවශ්‍ය බවද පරීක්ෂණයක් සිදු වන්නේ නම් පැය 48 ක් ඇතුළත ඒ පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් විය යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
එසේම අධිකරණ අමාත්‍යවරයා විසින් මාස 3 ක ඇතුලත මෙම කාර්යාලයේ වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න විධිවිධාන සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන කමිටුව වෙත ඉදිරිපත් කල යුතු බවත් පැවසු අමාත්‍යවරයා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් කිසිවිටෙක පාවා දීමට කටයුතු නොකරන බවද පැවසීය.
අතුරුදන්වුවන් පිළිබද සහතික නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම කටයුතු සිදු කරනු ඇත. රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් නැවත සිවිල් ජනතාවට ඉඩම් භාරදීම යටතේ මේ වන විට අක්කර 700 ක් පමණ භාරදී ඇති බවත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:
Post a Comment