අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

අර්ජුන අසංකගේ වාර්තාවට පමණක් දෙවැනිවූ චන්දිමාල් හා ධනංජයගේ ඉනිම

ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර පවත්වනු ලබන තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගය මේ වනවිට එස්.එස්.සී ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙනවා.

අද එහි දෙවන දිනය වනවිට ශ‍්‍රී ලංකාව පළමු ඉනිම නිමා කළේ වාර්තා රැසකට උරුමකම් කියමිනි. දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා ලබාගත් ශතක දෙක මෙම ඉනිමේ කැපී පෙනුණා.


එහිදී චන්දිමාල් 132 ක්ද ධනංජය 129 ක්ද ලබාගත්තේ වාර්තාගත සබඳතාවයක් පවත්වමිනි. ඕස්ටෙ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ දෙවන වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙස එය සටහන්වී ඇත.

ලකුණ 26 කට කඩුළු 05 ක් බිඳ වැටී ශ‍්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇදවැටී තිබියදී 06 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ධනංජය ද සිල්වා පන්දු 280 කදී හතරේ පහර 18 ක් සමග ලකුණු 129 ක් රැස් කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල්ගේ 132 වාර්තාවූයේ හතරේ පහර 13 ක් හා 6 පහරක් සමග පන්දු 356 කිනි.දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 211 කි.

1992 වසරේදී අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ  ඕස්ටෙ‍්‍රලියාවට එරෙහිව  ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සම්බන්ධතාවය ලකුණු 230 ලෙස මීට වඩා ලකුණු 20 ක් පමණක් ඉදිරියෙන් වාර්තාවක් තබා තිබෙන අතර මෙම සබඳතාව දෙවැනිවූයේ එයට පමණි. මේ වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා පළමු ඉනිම අවසන් කර ඇති අතර  ඕස්ටේ‍්‍රලියාව පන්දුවට පහරදෙමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad