අද (27) උදෑසන 8.30ට පමණ ගාල්ල කොටුව යුධ හමුදා කදවුර අසල දී කාන්තාවක් විසින් තවත් කාන්තාවකට පිහියෙන් ඇණීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ බූස්ස මලිදුව පදිංචි 40 හැවිරිදි තිදරු මවක් වන අතර ගැටුමට හේතුව අනියම් සම්බන්ධයක් බව වාර්තා වේ. පහරදුන් අදාළ කාන්තාව පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ සැමියා යුධ හමුදා සෙබලෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව සැකකාර කාන්තාවගේ සැමියා සමග අනියම් සම්බන්ධකමක් පවත්වා ඇති අතර සැකකාරිය මෙම සම්බන්ධය නතර කරන ලෙස අදාල කාන්තාවගෙන් කිහිපවරක්ම ඉල්ලා ඇත. නමුත් අද උදෑසන සැකකාර කන්තාව විසින් සිය සැමියා සමග අනියම් සබදතාවයක් පවත්වන බව කියන කාන්තාවට පිහියෙන් ඇණ ඇයගේ හිස කෙස් ද කපා දමා තිබේ.
පසුව සැකකාර කාන්තාව ගාල්ල පොලීසිය වෙත භාර වී ඇති අතර පිහි ඇණුම සදහා යොදාගත් පිහිය ද පොලීසියට භාර දී ඇත. තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරනු ලැබ ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
ලලිත් චාමින්ද - ගාල්ල
No comments:
Post a Comment