දුම්රියේ ගැටී පෙරේදා (25) පස්වරුවේ මියගිය යසාරා පෙරේරා සහ ෂෙරෝන් සිල්වා සිසුවියන් පිළිබඳ මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී සිදු කොට ඔවුන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අප කළ විමසීමක දී පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ මෙම සිසුවියන් තම ජංගම දුරකතනවලට සම්බන්ධ කර තිබූ "හෙඩ්සෙට්" කනේ රුවාගෙන දුරකතන ඇමතුමක් හා සම්බන්ධ වෙමින් දුම්රිය මාර්ගය හරහා පැන ඇති බවත්, එහි දී දුම්රියෙහි ගැටුණු සිසුවියන් දෙදෙනා අනතුරින් ලත් බරපතල තුවාල නිසා සිදු වූ අධික රුධිර වහනය හේතුවෙන් මියගොස් ඇති බවත් ය.
මෝටර් රථයකින් ඔවුන්ව එම හෝටලය අසළ බස්සවා ඇති බවත්, මෝටර් රියෙන් බැසගත් සැණින් හෙඩ්සෙට් කනේ රුවාගෙන සිටි යසාරා සහ ෂෙරෝන් දුම්රිය මග හරහා පැන්න බවත්, එසැණින් දුම්රිය ඔවුන් යට කරගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ ද පවසා තිබුණි.
කෙසේ වෙතත් මෙම සිසුවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය පිළිබඳව අද (27) පළ වූ ජාතික පුවත් පතක් වාර්තා කර තිබුණේ මෙම අනතුර සිදු වන අවස්ථාවේ ඔවුන් "හෙඩ්සෙට්" පැළඳ සිටි බවට සාක්ෂියක් නොමැති බව යි.
සිසුවියන්ගේ අනතුරට හේතුව "හෙඩ්සෙට්" පැළඳ සිටීම නොවන බවට සමාජ ජාල පරිශීලකයින් ද විවිධාකාරයේ මත ඉදිරිපත් කර තිබෙනු දක්නට ඇති අතර ඔවුන් විවිධ පාර්ශවවලට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරනු ද දැකිය හැකි ය.
බම්බලපිටියේ ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ උසස් පෙළ පංතියේ අවසාන වසරේ ඉගෙනුම ලැබූ යසාරා සහ ෂෙරෝන් යන සිසුවියන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා මෙම අනතුර හා සම්බන්ධ දුම්රියේ රියදුරු පැමිණ සාක්ෂි දෙනතුරු විවෘත තීන්දුවක් දෙමින් නැවත පරීක්ෂණ කටයුතු අනිද්දා (29) දිනට කල් තබා තිබේ.

No comments:
Post a Comment