ෆොනීගේ ඇමැති ධුරය ගැසට් කර නැහැ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

ෆොනීගේ ඇමැති ධුරය ගැසට් කර නැහැ !

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය පෙබරවාරි මස 25 වන දින දහවල් යෙදුණ සුභ නැකතෙන් ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයා ලෙස දිවරුම් දුන්න ද මේ දක්වා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

එම නිසා ඔහු ඇමැතිවරයකු ලෙස නීත්‍යානුකූලව පිළිගැනීමට හැකියාවක් මෙතෙක් ලැබී නැතැයි පැවසේ. මේ තත්ත්වය මත ඇමැතිවරයකුට හිමි වන කිසිදු වරප‍්‍රසාදයක් ඔහුට මේ වනතුරුත් ලැබී නැති අතර අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් හෝ ලැබී නැත.

එමෙන්ම ඇමැතිවරයකු ලෙස නියෝග නිකුත් කිරීම හැකියාවක් ද නැත. කෙසේ නමුත් මෙම ගැසට් නිවේදනය ප‍්‍රමාද වීමේ නිශ්චිත හේතුව අනාවරණය නොවෙතත් රාජ්‍ය මුද්‍රණාලය තුළ මේ දිනවල පවතින එජාප ශ‍්‍රීලනිප බල අරගලය නිසා එහි කටයුතු දිගින් දිගටම ප‍්‍රමාද වෙමින් පවතින බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad