ශී‍්‍ර ලංකා - කොදෙව් තරගයට ඉහළ ඉල්ලුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ශී‍්‍ර ලංකා - කොදෙව් තරගයට ඉහළ ඉල්ලුමක්

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බැංගලෝර්හි චින්නස්වාමි ක‍්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වෙන තරගයට සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි වීම නිසා එම තරගයේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමට ක‍්‍රීඩාංගණය ඉදිරිපිට අද (19) දවස පුරා දැඩි තදබදයක් පැවතුණි.

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ප‍්‍රධානතම ක‍්‍රීඩකයා වන ක‍්‍රිස් ගේල් එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කිරීම නිසා බැංගලෝර් ජනතාව ඔහු කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි.

එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ක‍්‍රිස් ගේල් පන්දු 47 කින් නොදැවී ලකුණු 100 ක් රැස් කිරීම හේතුවෙන් ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් තුළ ගේල් කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ. කොදෙව් පිලේ නයක ඩැරන් සැමී ද ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී  (අයි.පී.එල්.) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරයි.

ප‍්‍රවේශපත් මිලදී ගැනීමට පැමිණි පේ‍්‍රක්‍ෂකයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක‍්‍රිස් ගේල් මේ තරගයේදී අනගි ඉනිමක් ක‍්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කිරීම නිසා අපහසුතාව නොබලා ප‍්‍රවේශපත් මිලදී ගැනීමට පැමිණි බවයි.   



No comments:

Post a Comment

Post Bottom Ad