විද්‍යුත් මාධ්‍ය විකාශ බලපත්‍ර රැසක් අවලංගු කිරීමට යයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

විද්‍යුත් මාධ්‍ය විකාශ බලපත්‍ර රැසක් අවලංගු කිරීමට යයි !

ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා සඳහා ලබාගත් විකාශ කටයුතු බලපත්‍ර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයින් හා ආයතනවලට පවරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව එවැනි ආයතනවල බලපත්‍ර අවලංගු කිරීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් වන බව වාර්තාවේ.

යම් ආයතනයකට ලබාදී ඇති විකාශ බලපත්‍රය වෙනත් ආයතනයකට පවරා ඇති බවට වරදකරුවකු වන අයට නැවත බලපත්‍ර නිකුත් නොකිරීමට ද රජය තීරණය කර ඇතැයි පැවසේ. මෙසේ තෙවන පාර්ශ්වයක් ලෙස මේ බලපත්‍ර අත්පත් කරගෙන ඇත්තේ ‍විදෙස්ගත ව සිටින පුද්ගලයන් බවටත් ඔවුන් එක් එක් දේශපාලන ප්‍රතිරූපයන් ගොඩනැංවීමේ කටයුතු සඳහා මේ ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා යොදාගන්නා බවටත් තොරතුරු හෙළිවී තිබේ.

එහෙත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමකින් තොරව මෙම විකාශන බලපත්‍ර වෙනත් පුද්ගලයකුට හෝ ආයතනයකට පැවරීමේ හැකියාවක් නැති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එමෙන් ම මින් ඉහත විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආයතනවල විකාශ බලපත්‍ර අහෝසි කළ අවස්ථා කිහිපයක් ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ආයතන 14 ක් යටතේ රූපවාහිනි නාළිකා 22 ක් සඳහාත්, ආයතන විස්සක් යටතේ ගුවන්විදුලි නාළිකා 53 ක් සඳහාත් විකාශ බලපත්‍ර නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad