96 ශූරයන් නැවතත් ජය ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

96 ශූරයන් නැවතත් ජය ලබයි

1996 කි‍්‍රකට් ලෝක ශූරතාව දිනූ මතකය යළි අවදි කරමින් අද (19) පැවති ප‍්‍රදර්ශන ක‍්‍රිකට් තරගයකින් ජය ගැනීමට 96 ලෝක ශූර කණ්ඩායම සමත්වුණා. 

කොළඹ සී.සී.සී ක‍්‍රීඩාංගණයේ විස්සයි විස්ස තරගයක් ලෙස පැවති මෙම තරගයේ ඔවුන්ගේ ප‍්‍රතිවාදීන් වූයේ ඕල්ස්ටාර්ස් කණ්ඩායමයි. අර්ජුන රණතුංග 96 ලෝක ශූර කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර  ඕල්ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ රෝයි ඩයස්.

පළමුවට පන්දුවට පහර දුන් 96 ලෝක ශූර කණ්ඩායම පන්දුවාර විස්ස තුල කඩුලු 08ක් දැවී ලකුණු 195ක් රැස් කළා. සිය සුපුරුදු පිතිකරණ විලාශය පෙන්නුම් කළ රොමේෂ් කළුවිතාරන සහ අරවින්ද ද සිල්වා එහිදී අර්ධ ශතක වාර්තා කළා. 

පිළිතුරු ඉනිම ක‍්‍ර‍්‍රීඩා කළ  ඕල්ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස තුල ලබාගැනීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණයි. ඔල්ස්ටාර්ස් කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා තරගයේ අවසන් පන්දුවේදී ලකුණු 03ක් අවශ්‍ය වුණා. එහෙත් අවසන් පන්දුව යැවූ මුත්තයියා මුරලිදරන් එම පන්දුවේදී ලබාදුන්නේ එක් ලකුණක් පමණයි. 

ඒ අනුව ලෝක ශූරයන් එක් ලකුණක තියුණු ජයක් හිමිකර ගත්තා. වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම අරමුුණ කරගනිමින් මෙම තරගය සංවිධාන කෙරුණා.

No comments:

Post a Comment

Post Bottom Ad