ඉන්දියාව කඩුලු 6 කින් පාකිස්තානය පරදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ඉන්දියාව කඩුලු 6 කින් පාකිස්තානය පරදවයි

කුමන ආකාරයේ කි‍්‍රකට් කී‍්‍රඩාවකදී වුවද පිතිකරුවකු වශයෙන් තමන් සතු විශිෂ්ටත්වය මේ යයි නැවත වරක් ප‍්‍රදර්ශනය කළ විරාට් කෝලි (නොදැවී 55) පාකිස්තානයට එරෙහිව කොල්කටා නුවරදී අද (19 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලන තරගයේදී කඩුලූ 6 ක ජයක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියේය.

ඉන්දීය සහ පාකිස්තානු කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියකදී මුණ ගැසුනු 10 වැනි වතාව මෙය වූ අතර එම තරග 10 දීම ජයග‍්‍රාහකයන් වූයේ ඉන්දියාවයි. 1992 ලෝක කුසලාන තරගාවලියේ සිට එක්දින ලෝක කුසලාන තරග 6 කදීත් 2007 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ සිට සිවු වතාවකදීත් ඉන්දීය සහ පාකිස්තානු කණ්ඩායම් තරග වැදී තිබිණ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින්  ඕවර 18 නිමාවේදී පාකිස්තානු පිල කඩුලූ 5 කට ලකුණු 118 ක් දක්වා සීමා කළේය ඉන්දීය පිල හමුවේ තිබුණේ ලකුණු 119 ක පහසු ඉලක්කයක් වුවද පස්වැනි  ඕවරය නිමා වීමට පෙර ඉන්දීය පිලේ තුන්වැනි කඩුල්ලත් ලකුණු 23 කට ඇද වැටිණ. 


එහෙත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ යුවරාජ් සිං (24) සහ විරාට් කෝලි දෙදෙනා පන්දු 41 කදී ලකුණු 61 ක් එක්කරමින් ඉන්දීය ජයග‍්‍රහණයේ මාවත හෙළි පෙහෙළි කර දුන්හ.

No comments:

Post a Comment

Post Bottom Ad