පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙවෙයි - කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාළ නෑ - ඇමති පවිත්‍රා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙවෙයි - කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාළ නෑ - ඇමති පවිත්‍රා

පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙවෙයි - කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාළ නෑ - ඇමති පවිත්‍රා

පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම සහ අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළඳීම යන නීති පාර්ලිමේන්තුවට අදාළ නොවන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 

ඒ මහත්මිය මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් සභා ගර්භය තුළ මුඛ ආවරණ නොමැතිව කතා කළ හැකි බවත් පැවසූ ඒ මහත්මිය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීම ඔවුන්ගේ වගකීම බවත් පැවසුවාය. 

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ඇමතිනියගේ කතාව හරහා රටේ නීතිය සෙසු පුද්ගලයින්ට එක් ආකාරයකටත් පාර්ලිමේන්තුවට වෙනස් ආකාරයටත් ක්‍රියාත්මක වෙන බවක් පෙන්නුම් කෙරෙන බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad