පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා

පාස්කු බෝම්බය පිපිරී යාමට විනාඩි 43කට පෙර එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විනාඩියයි තප්පර 3ක දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බව හෙළිවිය.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

එම සංවාදය මෙසේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ සමග දුරකතනයෙන් සම්බන්ධ වුණාද යන්නය.

“ඔව් මම සිංගප්පුරු රෝහලේ ඉදලා හෝටලයට ආවා විතරයි නිලන්ත ජයවර්ධන මහත්මයා මට කතා කළා. මේ පිපිරීම ගැන කිව්වා. විශාල වශයෙන් ජීවිත විනාශ වෙලා තියෙනවා කියලත් කිව්වා. මේ වගේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කළින් දැනුවත් කරලා තිබියදීත් අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත් කිව්වා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

කෙසේවෙතත්, එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම් සභාවේ විශේෂ අවධානය දුරකතන වාර්තා දෙස යොමු කරමින් පෙන්වා දුන්නේ, “හිටපු ජනාධිපතිතුමනි, ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවුණාට පස්සෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබව දැනුවත් කළේ කියලා. නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පුරුවේ සිටි ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ මෙරට වේලාවෙන් පෙ.ව  8.02 ට පමණ. විනාඩියයි තත්ත්පර 03ක ඇමතුමක් ලෙසයි මෙය සටහන් වෙන්නේ. පළමු බෝම්බය පිපිරුවේ පෙ.ව 8.45ට. ඒ කියන්නේ මේ ඇමතුම සඳහන් වෙන වෙලාව වෙනකොට බෝම්බ පිපිරිලා නැහැ නේ,” දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා, “නැහැ මට තොරතුරු හම්බුනේ පිපිරුණාට පස්සේ යැයි පිළිතුරු දෙමින් පැවසීය.” 

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad