හිටපු ජනපති මෛත්‍රීට දඩුවම් කළ යුතුයි - ඇමති ප්‍රසන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 28, 2020

හිටපු ජනපති මෛත්‍රීට දඩුවම් කළ යුතුයි - ඇමති ප්‍රසන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ එල්ලුණ පමණින් ඔහු ශුද්ධවන්ත යෙකු නොවන බවත් ඔහු ආණ්ඩුවට එකතු වුණේ ම තමන්ගේම බේරීම සදහා ම පමණක්  ම බවත් පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එක්ව දේශපාලනය කළ පමණින්ම   ඔහුට ගැළවීමට හැකියාවක්  නැතැයි ද අවධාරණය කරයි.

මහනුවර දී ඊයේ (27) පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතිමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිද්‍රාශීලි පිළිවෙත  දැන් හෙළි දරව් වෙමින් තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා වග කිව යුතු බව මේ කොමිසමේ දී තහවුරු වු‍ණොත් ඔහුට අනිවාර් යෙන්ම දඩුවම් දිය යුතුයි. අපි එකට දේශපාලනය කළා කියලා, ආණ්ඩුවේ හිටියා කියලා ඔහුට ගැලවෙන්න ඉඩ දෙන්න බෑ.

මේ රටට කරපු විනාශයට වග කිව යුතු ප්‍රධාන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනවිත් මේ රට අරාජික කිරීමේ වගකීම ද ගත යුත්තේ ඔහුයි. දැන් 19 ගෙනාවේ මම නෙමෙයි කිවුවාට ඔහුට ගැළවීමක් නෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගේ ම 19 ගෙනල්ලා මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදා ගැලවිය නොහැකියි.

ඔය 19 හරහා ආපු ස්වාධින යැයි කියාගන්නා ස්වාධීන කොම්සම් සභා ඇත්තටම ස්වාධින නෑ.  ඒවායේ නියෝජිතයෝ පත් කලේ දේශපාලන පක්ෂ හරහා. එහෙම පත් කරපු අය කටයුතු කළේ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල වුවමනාවන් ඉටු කරගන්න. එහෙම නැතිනම් NGO ඩොලර් කාක්කන්ගේ වුවමනාව ඉටු කරන්න. ඒ නිසා ස්වාධින කොමිසම් සභා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. විපක්ෂයට ඕනේ 19 රැකගන්න. 19 තිබුණොත් ජනාධිපතිටත්, අගමැතිටත් වැඩ කරන්න බැරි වෙනවා. තව තවත් රට අරාජික වෙනවා. අපි හදන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබාදුන් ජනතාවගේ උවමනාව ඉටු කරන්න. සුළුතරයක් වෙන විපක්ෂයේ බලාපොරොත්තු ඉටු කරන්න සුලුතරයක් වන අපිට අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා 19 අනිවාර් යෙන් ම අහෝසි කරනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.

මේ දවස්වල පිටරටවල් වලට ආවඩන සිවිල් සංවිධාන පෝලිමේ උසාවි යනවා 20 ට විරුද්ධ ව. මොනවද ඔය NGO ඩොලර් කාක්කෝ පහුගිය කාලේ රටට කළේ. 20 ට විරුද්ධව උසාවි යන විපක්ෂය මොනවද පහුගිය කාලේ ආණ්ඩුවේ ඉදන් රටට කළේ. මේ රටට සිදුව තිබෙන විනාශයට ඇතැම් සිවිල් සංවිධානත් වග කිව යුතුයි. ඔය 20 ට එරෙහි ව උසාවි යන සිවිල් සංවිධාන පෙනී සිටින්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙමේ. පිටරට මුදල් වෙනුවෙන්. ඔය සිවිල් සංවිධාන කරන ප්‍රධාන චෝදනාවක් තමයි විගණනය කිරීම . 19 ට කලින් මේ රටේ කිසිවක් විගණනය වුණේ නැද්ද? හොදට විගණනය වුණා. මහබැංකු හොරකම වෙද්දී ඔය විගණන තිබුණා ද? පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණය තියන්න ඔය ස්වාධින කියන කොමිෂන් සභා වලට පුලුව්න වුණා ද? ඇත්තටම ස්වාධින කොමිෂන් සභා මේ රටේ ඇති කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් පමණයි.

20 ට විරුද්ධ තියෙන අනෙක් චෝදනාව තමයි රට ඒකාධිපතිත්වයට ගෙන යනවා කියන එක. ඒකාධිපතිකම, විගණනය ගැන කියමින් විපක්ෂය මේ මවන්නේ බිල්ලෙක්. 2009 මේ රටේ 30 වසරක යුද්ධය අවසන් කරන්න මහින්ද මහත්තයාට පුළුවන් වුණේ ඔය විධායක ජනාධිපතිධූරය නිසයි. එදා දෙමළ සන්ධානය, බටහිර රටවල් කරපු බලපෑම් වලට යටවෙන්න වුණානම් ජිවිතේට යුද්ධය ඉවර වෙන්නේ නෑ.

20 සංශෝධනය පාර් ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගන්න අපිට පුළුවන්. ඒ සදහා අවශ්‍ය වුණොත් අවශ්‍ය පිරිස ගන්නවා. ඒ සම්බන්ධයෙන් අදාළ අය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. විපක්ෂය කොච්චර උඩ පැන්නත් 20 වැනි සංශෝධනය පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වීම වැළැක්විය නොහැකියි. ආණ්ඩුවේ විවිධ පාර් ශව ඉන්නවා. ඔවුන්ට මේ ගැන විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් අපි පොදු එකගතාවයක ඉන්නවා 20 වන සංශෝධනය සම්මත කර රටට වැඩ කළ හැකි පරිසරයක් ගොඩ නගන්න. ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් දුන්නේ රටට වැඩ කරන්න ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.

– ප්‍රදීප් අනුර කුමාර 


No comments:

Post a Comment

Post Bottom Ad