මාව අල්ලෙ නටවන්න ආපු එයා අන්තිමට මගේ අල්ලෙ නැටවුනා - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

මාව අල්ලෙ නටවන්න ආපු එයා අන්තිමට මගේ අල්ලෙ නැටවුනා - මෛත්‍රී

නාධිපතිවරයා එක් පක්ෂයකිනුත් ආණ්ඩුව තවත් පක්ෂයකිනුත් තේරී පත්වීම හේතුවෙන් රටතුළ දේශපාලන අර්බුදයක් මතුවිය හැකි බවත් එසේ වුවහොත් දේශපාලනික වශයෙන් පමණක් නොව ආර්ථික හා සමජයීය වශයෙන්ද රට පරිහාණියට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගනුදෙනු කළහැකි පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙරේදා (05) කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී සඳහන් කර තිබෙන්නේ.

පසුගිය වසර 05 ක කාලය තුළ එම අත්දැකීමට තමන් හොඳින්ම මුහුණ දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට තිබෙන අත්දැකීම් වෙන කිසිවෙකුටත් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා. තමන්ට ජනාධිපතිවරයා ලෙස හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වරින් වර ගැටුම් ඇතිකර ගැනීමට සිදු වූ බවත්, අර්බුද ගණනාවකට මුහුණ දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඔහුගේ අල්ලේ නැටවෙන පුද්ගලයෙකු බවට පත්කර ගැනීමට උත්සාහ දැරූ නමුත් අවසානයේ සිදු වූයේ ඔහුට ජනාධිපතිවරයා ලෙස තමාගේ අල්ලේ නැටවීමට බව ද සිරිසේන මහතා පෙන්වා දෙනවා.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිදුවීමට ගිය මහා විනාශයෙන් රට ගොඩගැනීම සඳහා වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි කරවීමට තමාට සිදු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

මැතිවරණ සමයේදී ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර යම් යම් මතගැටුම් සිදු වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මත විශ්වාසය තබා කටයුතු කරන බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad