සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කරන්න - වසංගත රෝග විද්‍යා අංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 27, 2020

සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කරන්න - වසංගත රෝග විද්‍යා අංශය


ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති බවත් යම් හෙයකින් සෞඛ්‍ය අංශ වලට මග හැරුණු ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad