දිස්ත්‍රික්ක හයක මුද්‍රණ කටයුතු අරඹයි - ඡන්ද පත්‍රිකා මුද්‍රණය කඩිනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

දිස්ත්‍රික්ක හයක මුද්‍රණ කටයුතු අරඹයි - ඡන්ද පත්‍රිකා මුද්‍රණය කඩිනම් කරයි

දිස්ත්‍රික්ක හයක මුද්‍රණ කටයුතු අරඹයි - ඡන්ද පත්‍රිකා මුද්‍රණය කඩිනම් කරයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු පසුගිය 02වනදා සිට ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක හයක මුද්‍රණ කටයුතු සිදු කරන බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

ඉකුත් 27 වනදා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උපදෙස් ලැබුණු බව පවසන ඒ මහත්මිය මුද්‍රණ කටයුතු මෙන් ම අනෙකුත් කටයුතු සදහා සේවක සංඛ්‍යාවෙන් සියයට 50 ක් පිරිසකගේ සේවා සහභාගිත්වයෙන් එම කටයුතු සිදු කරන බව ද කියා සිටියා ය.

මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිත බව ද ඒ මහත්මිය පැවැසුවා ය.

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සේවකයින් විශාල පිරිසක් එකවර ගෙන්වා ගත නොහැකි බවත් මේ සඳහා විශාල සේවයක් පිරිසක් එකවර සහභාගී කරවා ගැනීමේ යම් යම් ගැටලු මතු ව තිබෙන බවත් කී ඇය එහෙත් රටේ මේ වනවිට ඇති ව තිබෙන අවශ්‍යතාවය සලකා හැකි තාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කීවා ය.

No comments:

Post a Comment

Post Bottom Ad