කොටි ආයුධ සෙවූ දෙවන අදියර අවසන් - තවත් යුද උපකරණ හා කොටි නිලඇඳුම් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 3, 2020

කොටි ආයුධ සෙවූ දෙවන අදියර අවසන් - තවත් යුද උපකරණ හා කොටි නිලඇඳුම් හමුවෙයි

කොටි ආයුධ සෙවූ දෙවන අදියර අවසන් - තවත් යුද උපකරණ හා කොටි නිලඇඳුම් හමුවෙයි

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැනීම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ ,මිනිස් අස්ථා හා නිලඇඳම් තොගයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පසුගිය මස (මැයි) 22 දා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමු වූ අතර පසුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වනදා  අදාල ස්ථානයේ පළමු අදයරේ කැනීම් කිරීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

මේ අනුව පළමු පියවරේදීද මිනිස් අස්ථි, ගිනිඅවි, කොටි නිලඇඳුම් කිහිපයක් හමු වූ අතර ඊයේ (02) දිනයේ දෙවන අදියරේ සිදු කරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් 14 ක්, මැගිසින් දෙකක්, සයිනයිඩ් කරලක් ,පතුරම් 34 ක් වශයෙන් හා කොටි සාමාජිකයින්ගේ නිලඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.

මේ අනුව දෙවන අදියරේ කැනීම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එලඹෙන ජුනි මස 09 වනදා තෙවන අදියර යටතේ කැනීම් සිදු කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad