කොළඹ-ගම්පහ අඛණ්ඩ ඇදිරි නීතියත් ඉවතට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2020

කොළඹ-ගම්පහ අඛණ්ඩ ඇදිරි නීතියත් ඉවතට ?

ළඹෙන අඟහරුවාදා දින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකහි ද ඇඳිරි නීතිය සෙසු දිස්ත‍්‍රික්ක ආකාරයට ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී ඇත.

ඒ අනුව බොහෝදුරට ලබන සදුදා දිනයේ අවසන් සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව ඉහළම පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
දැනට දින 23 පමණ කාලයක් තිස්සේ සමාජයෙන් කිසිදු කොරෝනා වෛරස ආසාදන නොවූ නිසා මෙම තීරණය ගැනීමට නියමිතව ඇත.

දැනට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සහ විදේශයන්ගෙන් පැමිණෙන පිරිස් වලින් පමණක් නිසා තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අඛණ්ඩ ඇඳිරි නීතිය පවත්වාගෙන යෑම අවශ්‍යතාවයක් නොමැති බව රජයේ අදහස වී ඇත.

ඒ අනුව අගහරුවාදා දින සිට බොහෝ දුරට සෙසු දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක ආකාරයටම රාත්‍රී කාලයේදී පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුලද ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad