ජිම් විවෘත කිරීමට අවසර දීමට සුදානම් - කොන්දේසි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2020

ජිම් විවෘත කිරීමට අවසර දීමට සුදානම් - කොන්දේසි මෙන්න

ජිම් විවෘත කිරීමට අවසර දීමට සුදානම් - කොන්දේසි මෙන්න

දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) පන්දහසක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ජාතික සුදුසුකම්ලාභී ශාරීරික යෝග්‍යතා උපදේශකයන්ගේ සභාව සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අතර ඊ​යේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය නිර්දේශ මත ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන නිකුත් කිරීමේ යෝජනාවලිය උපදේශකයන්ගේ සභාවේ සභාපති සුදත් ගෝඨාභය අමාත්‍යවරියට භාරදී ඇත.

ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් ඒවායින් යැපුණු විසිදහසක් පමණ පීඩාවට පත්ව සිටින බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය, විෂ බීජහරණය, කලින් වෙලාව වෙන් කරවා ගෙන පාරිභෝගිකයන් ඇතුළු කර ගැනීම ඇතුළු සෞඛ්‍ය​ යෝජනා රැසක් ලබා දී ඇත.

මෙම යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ යෝජනාවන්ද සලකා බලා සෞඛ්‍ය නිර්දේශ සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඒ සඳහා ලබන සිකුරාදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad