මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකු හදිසියේ මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 2, 2020

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකු හදිසියේ මිය යයි


මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඔවුන් මියගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයින්, අවුරුදු 80 සහ 81 යන වයස්වල පසුවන ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි යාචකයින් දෙදෙනෙකි.

මරණවලට හේතූව මෙතෙක් අනාවරණය වී නැත.

අදාළ පුද්ගලයින්ගේ සාම්පල PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

එම වාර්තා අද ලැබීමට නියමිතව ඇතැයි ගුවන් හමුදා ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad