ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 31, 2020

ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ !

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිසම විසින් දැනුම් දීම ගැන තමන් කිසිවක් නොදන්නේ යැයි මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.
මේ වන තෙක් මැතිවරණය පවත්වන දිනය ගැන නිශ්චිත අදහසක් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උපදෙස් දීම නොමේරූ ක්‍රියාවක් බවද ඔහු පවසයි.

මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු වලින් නාමයෝජනා අහෝසි වුවහොත් නැවත නාමයෝජනා කැඳවීමට සිදු වුවහොත් වෙන්නම තත්ත්වයක් ඇති වන බවද ඔහු සඳහන් කරයි.

එනිසා මේ ගැන තීන්දු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad