කොවිඩ් 19 වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්ව ඇඟ කිළිපොලායන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 14, 2020

කොවිඩ් 19 වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්ව ඇඟ කිළිපොලායන කතාව


කොවිඩ්19 වසංගතය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශකළා.

ඒ අනුව ලෝක වාසීන් එම වෛරසය සමග ජීවත් වීමට හුරු විය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් විවිධාකාර පියවර අත් හදාබලමින් සිටින බවත් එලෙස අනන්‍ය වූ ක්‍රමවේද ඔස්සේ වෛරසය සමග ජීවත් වීමට පුරුදු වීම එකම විකල්පය බව ඔවුන් පෙන්වා දෙනවා.

නමුත් ලෝකය සාමාන්‍යකරණය වීමට නම් තව බොහෝ දුරක් යාමට සිදුවනු ඇතැයිද ඔවුන් සඳහන් කරනවා.

දුරස්ථකරණ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් තමන්ට තක්සේරුවක් ලබාදීමට නොහැකි බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා.

No comments:

Post a Comment

Post Bottom Ad