කොරෝනා රෝගීන් වෙනුවෙන් ලාංකීය වෛද්‍යවරයෙකු වැඩි දියුණු කළ ඉන්හේලර් ප්‍රතිකාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 9, 2020

කොරෝනා රෝගීන් වෙනුවෙන් ලාංකීය වෛද්‍යවරයෙකු වැඩි දියුණු කළ ඉන්හේලර් ප්‍රතිකාරය

කොරෝනා රෝගීන් වෙනුවෙන් ලාංකීය වෛද්‍යවරයෙකු වැඩි දියුණු කළ ඉන්හේලර් ප්‍රතිකාරය

සුඛෝපභෝගී හා අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් දිනා තිබෙන දන්කොටුව පෝසිලේන් පීඑල්සී විසින් වැඩිදියුණු කරන ලද වාෂ්ප ආශ්වාසය සඳහා වූ උපකරණයක් හඳුන්වා දුන් අතර එය COVID-19 ඇතුළු ශ්වසන රෝගවලින් පීඩාවට පත් වූවන් සඳහා වඩාත් සුදුසු වන බව සඳහන් වේ.

වෛද්‍ය චරිත් නානායක්කාර මහතාගේ නිර්මාණය දායකත්වය සහ උපදෙස් මත මෙම වැඩි දියුණු කරනලද වාෂ්ප ආශ්වාස උපකරණය නිපදවීමට සමත් වී තිබේ. එමෙන්ම මෙම උපකරණය මේ වන විටත් රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට කොවිඩ් - 19 රෝගය ආසාදනය වී සිටින රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යොදා ගෙන ඇත.මෙම තාක්ෂණය  නිර්මාණය කර තිබෙන්නේ නිසෙන් ස්ටීමර් නම්වූ උපකරණය වැඩි දියුණු කිරීම මඟිනි.

කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙකු සහ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය චරිත් නානායක්කාර මහතා විසින් ඔහුගේ වෛද්‍ය වෘත්තියේ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම වාෂ්ප ආශ්වාස උපකරණය වැඩි දියුණු කර නිපද වීමට කටයුතු කර තිබුණි. සයිනසයිටිස් (sinusitis) නිසා හිසරදය ඇති රෝගීන්ට වෛද්‍ය චරිත් විසින් වාෂ්ප ආශ්වාස කිරීම කර තිබූ අතර එහිදී වාෂ්ප හේතුවෙන් මෙම රෝගීන් සුව වෙන ආකාරය ඔහු විසින් අධ්‍යයනය කර තිබුණි.

කොවිඩ් -19 වැනි රෝගයක් නිසා ශ්වස අපහසුතාවය ඇතිවෙන රෝගීන්ට මෙය සරළ ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකිබව සඳහන්. ඉතාමත් සරළ තාක්ෂණයක් සහිත මෙම ක්‍රමවේදය තුළ වෛද්‍ය දැනුම ඇති හෝ නැති ඕනෑම කෙනෙකුට මෙම උපකරණය භාවිත කළ හැකි වීමද විශේෂත්වයකි.

වෛද්‍ය චරිත් නානායක්කාර මහතා පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය වැනි කොරෝනා වසංගතයෙන්  දැඩිව පීඩාවට පත් වූ  රටවලට  ඉදිරියේදී දන්කොටුව පොසිලේන් පීඑල්සී හරහා ආධාර වශයෙන් ලබා දීමට  සුදානම්ව සිටින බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩි-19 රෝගය සමඟ සටන් කිරීමට මෙය ඉතාමත් සරළ ආයුධයක් වනු ඇතිබවයි.

No comments:

Post a Comment

Post Bottom Ad