සාකච්චා සාර්ථකයි - ආණ්ඩුව-එජාපය එක්ව ඒකාබද්ද ප‍්‍රකාශනයකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

සාකච්චා සාර්ථකයි - ආණ්ඩුව-එජාපය එක්ව ඒකාබද්ද ප‍්‍රකාශනයකට සූදානම්


ආණ්ඩුව සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශනයට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාවට අපහසුතාවයන් නොවන ආකාරයට කටයුතු කරන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා සමඟ ඇතුළු ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය.

අදාල සාකච්චාවේදී ඇති වූ එකගතාවයන් ගැන දෙපාර්ශවය එක්ව ඒකාබද්ද ප‍්‍රකාශයකට සූදානම් බවත් එය ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කරන බවද ඔහු පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අදාල සාකච්චාව පැය 03කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වින.

No comments:

Post a Comment

Post Bottom Ad