කොරෝනා මල සිරුරු මෙහේ ආදාහන කරන්න එපා.. මුල්ලේරියාවේ, කොටිකාවත්තේ විරෝදතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

කොරෝනා මල සිරුරු මෙහේ ආදාහන කරන්න එපා.. මුල්ලේරියාවේ, කොටිකාවත්තේ විරෝදතා

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.

එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.
නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad