කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව

කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියකුගේ හදිසිමරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මියගිය පුද්ගලයාගේ දේහය  මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට  අනුව පැය 24 ක් ඇතුළත  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙස  පොලිසියට නියෝග කළේය.

මෙම සිව්දරුපියගේ පුත්‍රයකු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි. 

පසුව කළ පරික්ෂණයකදි ඔහුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිය. මොහු පියා බැලිම සඳහා රෝහලට පැමිණ ඇති අතර මේ නිසා මීටපෙර පියාද කොරෝනා පරීක්ෂණයකට ලක්කරණු ලැබීය. එම පරීක්ෂණයේ දී පියාට කොරෝනා  ආසාදනය වී නොමැති බවට  තහවුරුවිය.

මියගිය පුද්ගලයාගේ කෙට හා සෙම් සාම්පල පරීක්ෂා කිරීම  සඳහා  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි. පෙරේරා මහතා විසින් ලබාගෙන හදිසි මරණ පරීක්ෂකවරයා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමඟ සාකච්ඡාකර  ඔහුගේ උපදෙස් මත ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට  අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී  අද (10) පෙරවරුවේ ආදාහනය කිරීමට  නියෝග කළ බව හදිසි මරණ පරීක්ෂක මහෙෂ් ධර්මරත්න මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ 37 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී   මෙම සිව්දරු පියා  ඊයේ මියගොස් තිබේ. ඔහු  72 හැවිරිදිවියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුවන අතර අංශභාග රෝගය උත්සන්න වී මොලයේ ඇති වූ ලේ ගැලීමකින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad