ගම්මාන 05ක් වසා දැමේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

ගම්මාන 05ක් වසා දැමේ

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා පවසන්නේ එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කළ 56 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad