ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා

ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා

තම සේවා   හැදුනුම්පත  ඇදිරි නීති   බලපත‍්‍රයක්  වශයෙන්  භාවිතා   කිරීමට  අවසර  ලත් තැනැත්තන්  හා එම වාහන වලට හැර  ඇදිරිනීති බලපත‍්‍ර  නොමැතිව  මහා  මාර්ග හා   අතුරු මාර්ගවල   ගමන් ගන්නා  සියලූම   පුද්ගලයන්   වරෙන්තු නොමැතිව   අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ  සහ  අපරාධ නීතිය යටතේ   නඩු  පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි    නීතිඥ  ජාලිය සේනාරත්න මහතා පවසයි.

එම පුද්ගලයන් අධිකරණ මගින් වරද කරු කළහොත්  සිර දඩුවමකට සහ  දඩයකට යටත් වන බවද  සේනාරත්න මහතා කියා සිටියේය.

ඔවුන්ගේ වාහන ද අත්අඩංගුවට ගෙන මෙම වංසගත තත්ත්වය  පහව  යනතෙක් පොලිසියේ රදවා තබන බවද හෙතෙම කීය.

No comments:

Post a Comment

Post Bottom Ad