පාස්කු බෝම්බ පුපුරන කල් කිසිවක් නොකළ රනිල්-සජිත්ගෙන් කොරෝනා උපදෙස් විහිළුවක් – ගෙවිඳු කුමාරතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 26, 2020

පාස්කු බෝම්බ පුපුරන කල් කිසිවක් නොකළ රනිල්-සජිත්ගෙන් කොරෝනා උපදෙස් විහිළුවක් – ගෙවිඳු කුමාරතුංග

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ආරක්ෂක කවුන්සිලයේ හා පැවති රජයේ ප්‍රධානීන් ලෙස රැස් වී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය කොරෝනා වසංගතය හමුවේ පාර්ලිමේන්තුව රැසකර තම අදහස් ලබා ගන්න යැයි පැවසීම විහිළුවක් බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
දෙස් විදෙස් බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දී තිඉිය දී මිනිසුන් සිය ගණනක් ඉන් මුදවා ගැනීමට තිබූ අවස්ථාව පැහැර හැරීමට ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කළ බවත් රජයක වගකීම හා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය ඔවුන් විසින් කඩකර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනතාව කිහිප වරක් ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති හෙයින් මෙම ගැටලුව විසඳීමට මැදිහත් වීමට ජනාධිපතිවරයාට ඍජුව මැදිහත් වීමට ව්‍යවස්ථානුකූල සහ සදාචාරාත්මක අයිතියක් ඇතැයි ද ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති උලුප්පමින් විපක්ෂය කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ට ජනතාව හෝ ජනමතය පිළිබඳ කිසිඳු තැකීමක් නොමැති බව තහවුරු වන බවත් ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad