නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට

නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට

කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් නිවාස වලම රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්බව මාරාවිල පොලිසිය කියයි.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් එම පුද්ගලයා අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.

මෙම පුද්ගලයා ඉන්දියාවට ගොස් පැමිණි පසු ප්‍රදේශයේ  අවමගුල් නිවාස දෙකකට සහ තවත් නිවාස ගණනාවකට ගොස් ඇති අතර ඔහු පැමිණි නිවාස 13 ක පුද්ගලයින් මෙසේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවත් පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad