තමුසෙ අරය එක්ක කරපු දේවල්වල වීඩියෝ මං ළඟ තියෙනවා - මාත් එක්ක තමුසෙ එන්න ඕන - කොලු රොත්තක් 13 හැවිරි මල් කැකුළක් වසරක් කෙලසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 9, 2020

තමුසෙ අරය එක්ක කරපු දේවල්වල වීඩියෝ මං ළඟ තියෙනවා - මාත් එක්ක තමුසෙ එන්න ඕන - කොලු රොත්තක් 13 හැවිරි මල් කැකුළක් වසරක් කෙලසයි

තරුණයන් හත් දෙනකු විසින් වරින් වර එක් එක් අවස්ථාවලදී අතවර කරලා
මාත් එක්ක තමුසෙ එන්න ඕන. නැත්නම් මං ඒවා ඉන්ටර්නෙට් දානවා.

ඉකුත් ජනවාරි 27 වැනි දින කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට හඬාගෙන පැමිණි මවක් සිය 14 වියැති දැරියට කඩුවෙල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනකු විසින් විටින් විට කරන ලද අපරාධයක් පිළිබඳව කරුණු දැනුම් දී තිබුණා.

අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහරින බවට බියගන්වා පුද්ගලයන් කිහිපදෙනකු අවස්ථා කිහිපයකදී තම 14 හැවිරිදි දැරියට අතවර කර ඇති බවට එම මව විසින් කාන්තා හා ළමා කාර්යාංශය වෙත තම දුක්ගැනවිල්ල මඟින් පවසා සිටියා.

වහාම ක්‍රියාත්මක වූ කාන්තා හා ළමා කාර්යාංශය ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත එම පැමිණිල්ල යොමු කරනු ලැබූ අතර කොළඹ ප්‍රධාන පාසලක නව වැනි වසරේ ඉගෙනුම ලැබූ අදාළ දැරිය ළමාරක්ෂක අධිකාරියේ ප්‍රශ්න කිරීම් හමුවේ තමාට සිදුවූ අපරාධය විස්තර කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 2019 වසරේ පෙබරවාරි මාසයේ දිනයක නාඳුනන දුරකථන අංකයකින් එම දැරියගේ මවගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබී ඇති අතර ඇමතුම දුන් පුද්ගලයා තමා දැරිය හඳුනනවා යැයි පවසා ඇය විමසා සිටි හෙයින් මව සිය දියණියට දුරකථනය ලබාදී වෙනත් වැඩක නිරත වී තිබෙනවා.

එහිදී කතා කළ පුද්ගලයා ‘තමුසෙ (…..)’ එක්ක කරපු දේවල්වල වීඩියෝ මං ළඟ තියෙනවා. මම ඌට වඩා දරුණුයි. මා එක්ක තමුසෙ එන්න ඕන. නැත්නම් මං ඒවා ඉන්ටර්නෙට් දානවා. දැන් ත්‍රීවීල් එකක් ගේ ළඟට එනවා. තමුසෙ ක්ලාස් යනවා කියලා ඒකෙ නැඟලා එනවා’ යනුවෙන් දැරියට පවසා තිබුණා.

දුරකථන ඇමැතුම විසන්ධි වීමත් සමඟ කිසිවක් සිතා ගැනීමට නොහැකිව සිටි දැරිය මොහොතක් යන්නට මත්තෙන් දුටුවේ තමාගේ නිවෙස ආසන්නයේ නාඳුනන පුද්ගලයා පැවැසූ පරිදි ත්‍රිරෝද රථයක් නවතා තිබෙන අයුරුය.

තර්ජනයෙන් බියට පත්ව සිටි ඇය අමතර පන්තියකට යෑමට ඇති බව මවට පවසා නිවෙසින් පිටව ඇති අතර නිවෙස ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රිය අසලට යන විට එහි පිටුපස තවත් තරුණයකු සිටින බව ඇයට දැකගත හැකිව තිබෙනවා.

දැරියව ත්‍රිරෝද රියට නංවා ගත් ඔහු ඇය බෝමිරිය ප්‍රදේශයේ සිය මිතුරකුගේ නිවෙසට රැගෙන ගොස් නිවෙසේ දමා දොර අගුලු දමා පිටව ගොස් තිබෙනවා.

නාඳුනන නිවෙසක නොදන්නා තරුණයකු සමඟ තනිවූ 13 හැවිරිදි මේ පුංචි මල් කැකුළ ඉතාමත් අමානුෂික ලෙස දූෂණයට ලක් කර එයින් නොනැවතී සියල්ල වීඩියෝ ද ගත කර තිබෙනවා.පසුව මේ පිළිබඳව කාටවත් නොකියන ලෙස බියවද්දා ඇය නිවෙස ආසන්නයට ගෙනගොස් ත්‍රිරෝද රියෙන් බස්සවා පිටව ගොස් තිබුණා.

ඉන්පසු එයින් නොනැවතුණු මේ පුද්ගලයා අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන හා දැරියගේ ජංගම දුරකථන අංකය තම ප්‍රදේශයේ යහළුවන්ට දී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ටික දිනකට පසු එදින ත්‍රිරෝද රිය පදවා ආ තරුණයා දැරියගේ අමතර පන්තිය අසලට පැමිණ ඔහුගේ දුරකථනයේ තිබූ වීඩියෝ හා ඡායාරූප පෙන්වා දැරිය බියවැද්දූ ඔහුද ඇය රැගෙන ගොස් බරපතළ ලෙස අපයෝජනයට ලක් කර තිබෙනවා.

තවත් දිනක තවත් තරුණයකු දැරිය අමතර පන්තියට යන අවස්ථාවක ඇගේ පන්තිය අසලට පැමිණ පෙර පුද්ගලයන් කළ පරිද්දෙන්ම දැරියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පෙන්වා බියවද්දා ඇය රැගෙන ගොස් ඇයගේ දැඩි විරෝධය මධ්‍යයේ බරපතළ ලෙස දූෂණයට ලක් කර ඇති බව හෙළිව තිබෙනවා.

ඉන්පසු තවත් දිනෙක වෙනත් තරුණයකු මේ අයුරින්ම මෙම දැරියගේ අමතර පන්තිය අසලට පැමිණ ඇයට දුරකථන ඇමැතුමක් දී ඇය පන්තියෙන් පිටතට රැගෙන බියවද්දා ඔහුගේ මිතුරකුගේ නිවෙසට ගෙන ගොස් දූෂණයට ලක් කර ඇති අතර විවාහකයකු වූ එම නිවෙසේ හිමිකාර තරුණයාත් ඔහුගේ බිරියත් එම අවස්ථාවේ නිවෙසේ නොසිටි බවයි වාර්තා වන්නේ.

දැරිය රැගෙන ආ තරුණයා ඇය දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම නිවෙසේ හිමිකාර මිතුරාටද ‘කැමැති දෙයක් කරගනින්’ කියා ඇති අතර එම පුද්ගලයාද දැරියට බලහත්කාරකම් කිරීමට උත්සාහ ගැනීමේදී දැරිය බලවත් විරෝධය පා හඬා වැටෙන්නට පටන් ගෙන ඇති අතර ‘පොඩි ළමයෙක්නේ. ඔන්න ඔහේ යන්න දෙන්න’ යැයි කියා ඇයව මුදාහැර තිබුණා.

මේ අයුරින් තවත් අවස්ථාවක තවත් තරුණයකු දැරියගේ අමතර පන්තිය අසලට පැමිණ ඇය බියවද්දා සිය මෝටර් සයිකලයෙන් කඩුවෙල පිහිටි හෝටල් කාමරයක් වෙත රැගෙන ගොස් තිබුණා.රුපියල් 800ක මුදලක් එම හෝටල් කාමරයට ගෙවා එම කාමරය මිලදී ගෙන තිබූ ඔහුද මෙම දැරිය ඉතාම කෘෘර ලෙස දූෂණයට ලක් කර ඇති බව හෙළිව තිබෙනවා.

මේ ලෙස තරුණයන් හත් දෙනකු විසින් වරින් වර එක් එක් අවස්ථාවලදී එක් එක් ස්ථාන වෙත රැගෙන ගොස් ඇයට අතවර කර තිබුණා.

එයින් නොනැවතුණු මෙම තරුණ පිරිස සමහර අවස්ථාවලදී වට්ස් ඇප් හරහා නිරුවත් ඡායාරූප එවන ලෙසට දැරිය බියවද්දා ඇති අතර මෙම දැරියට ස්මාර්ට් ජංගම දුරකථනයක් නොතිබූ බැවින් ඇය සිය මවගේ හෝ පියාගේ ජංගම දුරකථන රැගෙන ඔවුන්ට නොතේරෙන ලෙස තම ඡායාරූප හා වීඩියෝ වෙනත් තරුණයන් වෙතද යවා තිබෙනවා.

නොසිතූ අවස්ථාවකදී දැරියගේ මව සිය ජංගම දුරකථනය පරීක්ෂා කර බැලීමේදී සිය දියණියගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දැක තිබෙනවා.

දැරිය මවගේ විමසීම් හමුවේ තමාට වූ අපරාධ සියල්ල හෙළි කරන්නට වූ අතර 2019 පෙබරවාරි මාසයේ සිට මෙම සිදුවීම වරින් වර තමාට වූ බව දැරිය මවට පවසා තිබුණා.

ළමාරක්ෂක අධිකාරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18-21 අතර වසයේ පසුවන තරුණයන් හත්දෙනකු හා එම අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ළමාරක්ෂක අධිකාරිය මඟින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ බව කියන පළමු සැකකාර තරුණයා මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතර එම සිද්ධිය වන අවස්ථාවේදී ඔහු රැකියා විරහිතව සිටි විසි හැවිරිදි තරුණයකු බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

මීට අදාළව නඩු හයක් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර එම නඩු හය සම්බන්ධයෙන් පසුගිය 2 දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. එහිදී එම වින්දිත දැරිය සැකකරුවන් නව දෙනා හඳුනාගෙන තිබුණා.

එක් එක් පුද්ගලයා විසින් තමාට සිදුකරන ලද අපරාධ ක්‍රියා එකින් එකට විස්තර කළ දැරිය විසින් මහෙස්ත්‍රාත්වරිය හමුවේ සැකකරුවන් හඳුනාගෙන තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇතත් වැඩිදුර වාර්තා කිසිවක් එහි අන්තර්ගත වී නොතිබූ බැවින් එය මහෙස්ත්‍රාත්වරියගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.

ළමාරක්ෂක අධිකාරිය මෙම අපරාධය ඉතාමත් සැහැල්ලු අපරාධයක් ලෙස සලකා වැඩිදුර වාර්තාව සැකකරුවන්ට ඇප ලබාදිය හැකි අයුරින් සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම අපරාධය විනෝදකාමී දෙයක් ලෙසට දකින්නේ දැයි විමසුවා.

සිදුවීම වන විට වයස 12ක් වැනි මෙම දැරිය සමාජය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති අයකු වන බවත් ඇයගේ ශරීරය මෙන්ම මනසද මෙම සිදුවීම හේතුවෙන් දැඩි ලෙස අපයෝජනයට ලක්වී ඇති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad