ජනපතිට කියූ BOC බැංකුවේ ගාලගොට්ටිය [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 2, 2020

ජනපතිට කියූ BOC බැංකුවේ ගාලගොට්ටිය [VIDEO]


රජයේ බැංකුවක් වෙත පැමිණ කලහකාරී ලෙස හැසිරෙන සේවකයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ සේවය තහනම් කොට ඇති මෙම සේවකයාව හෙට (03) සිට සේවයේ පිහිටුවීමට අමාත්‍යවරයෙකු කටයුතු කිරීමත් සමග ඔහු තමන්ගේ බලය පෙන්වීමට මෙලෙසින් උත්සාහ කළ බවයි.

මහජනතාව ද පැමිණෙන බම්බලපිටියේ පිහිටි ප්‍රධාන බැංකු ශාඛාවක මෙය සිදුව තිබෙනවා.
මෙම සිදුවීම සමාජ ජාල වෙත නිකුත් කළ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අවදානයට මෙය යොමු විය යුතු බවයි.

මෙම සිදුවීම පිළිබදව COMMENT තීරුවේ පුද්ගලයෙකු සදහන් කල තිබුනේ මෙසේය....
ඔබතුමාලා දන්නවද මේ සිදුවීමේ මුල.අනික මේක බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි.වෘතීය සමිති දෙකක් අතර ඇතිවුන සිදුවීමක්.ඔය බැනුම් අහන අය කෙනෙකුට පහර දීලා තමයි ඔතනට ඇවිත් ඉන්නේ.මේ සිදුවන සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිව නොදැන නිගමන වලට එන්න එපා.අනික ඔයාලගේ මෙහෙම වෙලා නැද්ද.වෘතතීය සමිති ගැටුම් එදත් තිබුනා අදත් තියෙනවා.ඉදිරියටත් තියේවි.බොහොමයක් ආයතනවල.තමන්ට ප්‍රශ්නයක් වුන වෙලාවට තමයි කාටත් වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ.අනික මේ කමෙන්ට් දාන අය දැක්කාම පුදුම ගෞරවයක් හිතෙන්නෙ.මේ තරම් අහිංසක ගෞරවනීය පිරිසක් මේ රටේ ඉන්නෙ කියලා.ගැහුවත් ගහන්නෙ නෑ බැන්නත් බනින්නේ නෑ.නැවතත් කියන්නෙ මේ බැංකුවේ ප්‍රශ්නයක් නොවේ.රාජ්‍ය බැංකුවලට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කලයුතුය කියනනො නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවා ඇතුලු බොහෝ දේ ලැබෙන්නේ මේ ආයතන ලබන ලාභයන් තුලින් බව නොදන්නවා ඇති.නිකමුන් විවිධ මත පළ කළද බොහෝ ආයතන මෙපමණ කල් පැවැතීමට වෘත්තීය සමිති හේතුව වූ බව මතක් කීරීමට කැමැත්තෙමු.වේදනා විදින්නෙ කෑගසන්නෙ කැක්කුම ඇති පුද්ගලයන් මිස වටේ සිට තතු නොදැන විවේචනය කරනවුන් නොවේ....

1 comment:

Post Bottom Ad